අධික ලෙස බීමත්ව මාර්ග නීති උල්ලංඝනය කරමින් බදුල්ල සිට කොළඹ බලා බස් රථයක් ධාවනය කරමින් සිටි පෞද්ගලික මගී බස් රථයක රියදුරු අද (17) හල්දුම්මුල්ලේදී අත්අඩංගුවට බව හල්දුම්මුල්ල පොලිසියේ පැවසීය.
හල්දුම්මුල්ල පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව හල්දුම්මුල්ල නගරයේදී මෙම බස් රථයේ නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු අධික ලෙස බීමත්ව සිටි බැවින් හල්දුම්මුල්ල දිසාරෝහලට කැදවා රියදුරු බීමත්ව සිටි බවට වෛද්‍ය වාර්තාව අනුව තහවුරුකරගෙන තිබේ.
මගීන්ට සිදුවන අපහසුතා මගහැරවීමට බස් රථය වෙනත් රියදුරකු යොදවා කොළඹ බලා ධාවනය කරවීමට අවශ්‍ය කටයුතු යෙදූ බවද පොලිසිය පැවසීය.