ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළු 128 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරවලින් පුද්ගලයන් 900 දෙනකු තුවාල ලබා ඇති බවය.
මියගිය පිරිස අතර මාස දෙකක කුඩා බිළිඳකු ද සිටින බව පැවැසෙයි.
මේ අතර ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය ගණන 13 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
ඊශ්‍රායල රජය නිවේදනය කළේ ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 380ක් පමණ වන බවය.