දින දෙකක් වයසැති කුඩා බිළිඳෙකු රුපියල් 75,000ක මුදලකට අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ 46 හැවිරිදි තිදරු මවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 7ක සිරදඬුවම් නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
සිරදඬුවමට අමතරව රුපියල් විසිදහසක දඩ මුදලක් ද එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් සිරදඬුවමක් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.