හුංගම දකුණු බටඅත , ලිදේයාය සුනාමි ගම්මානයට පිවිසෙන මාර්ගයේදී ඊයෙ (03) රාත්රි ධීවරයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසීය .
මෙලෙස ඝාතනය කර ඇත්තේ අංක 135/3, සුනාමි ගම්මානය ,ලිදේයාය ,දකුණු බටඅත ලිපිනයේ පදිංචිව සිටි වනිගාබදුගේ සිරිල් කුමාර නොහොත් කොටි රාළහාමි නමැති 37 හැවිරිදි විවාහකයෙකි .
පුද්ගලයෙකු ලේ ගලන තුවාල සහිතව සුනාමි ගම්මානයට යන මාර්ගයේ වැටී සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංශය (119) ට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ජීවිතක්ෂයට පත් ධීවරයාගේ මළසිරුර සොයාගත් බව පොලිසිය කීවේය .
ඝාතනය සිදුකල සැකකරුවන් තවමත් අනාවරණය වී නැත