අපේ තිබෙන නිහතමානීකම නිවට කමක් ලෙස සලකා කවුරුන් හෝ ක්‍රියා කරනවා නම් ඒවාට පිළිතුරු නීතිය හරහා ලබාදීමට අප සූදානම් බවඅධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දූෂණ විරෝධී පනත යටතේ නියෝග පිළිබඳ විවාදය ආරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.
“අපට ලැබුණු ප්‍රධානම ජනවරමක් වන්නේ දූෂණයට වංචාවට එරෙහි නීති යාන්ත්‍රණය තදින් ක්‍රියාත්මක කිරීමයි.එම ජනවරම අනුව යමින් අප පනතක් හඳුන්වා දී තිබෙනවා.දූෂණ විරෝධී පනත දැනට වසරකට පෙර සම්මත වී තිබුණද නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණය සහිත රෙගුලාසි ක්‍රියාත්මක වී තිබුණේ නැහැ.එම රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපට හැකි වුණා.වර්තමාන තත්වයන්ට ගැලපෙන පරිදි වත්කම් බැරකම් යාවත් කාලීන කිරීම සඳහා අප කටයුතු කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.