බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් පසුපැදිකාරිය එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
ගාල්ල, කොළඹ ප්රධාන මාර්ගයේ, උතුරු පයාගල ප්රදේශයේදී අද (01) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
හම්බන්තොට සිට කොළඹ බලා ධාවනයවු මගි බස් රථයක අඹුසැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක් එම බස් රථයේ පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ බෙන්තොට, හබුරුගල ,මහවිල ප්රදේශයේ පදිංචි කාන්තාවක්.
යතුරුපැදිය පැදවූ පිරිමි පුද්ගලයා බරපතල තුවාල ලබා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරනවා.