ලක්ෂ පහකට රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් රැකියා විරහිත තරුණ තරුණියන් රවටා රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන පිළිමතලාවේ ප්රොකෙයාර් පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරියක ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය මහත්මිය අද(30) නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයෙන් (72322)සෙනෙවිරත්න මහතා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ලක්ෂ පහකට රියදුරු රැකියාවේ සිට ඉහළ ශ්‍රේණියේ වෘත්තීන් දක්වා විදෙස් රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් මෙම පිරමීඩාකාර සමාගම පවත්වාගෙන ගොස් ඇති බවද පැවසීය.