මහ වැසිත් සමග අද අලුයම් කාලයෙ හමා ආ දැඩි සුළගකින් ආණමඩුව පොලිස්ථානය අවට තිබු දැවැන්ත ගස් ගොඩනැගිලි මතට කඩා වැටිමේන් බරපතල හානි රැසක් සිදුව ඇති බව පොලිසිය කියයි.
29 දින රාත්රියෙ සිට 30 දින අලුයම දක්වා මෙම දරුණු සුළං තත්වය ඇතිව තිබු බවත් වසර 40 – 50 කට වඩා පැරණි විශාල ගස් ඉදිරි ගොස් පොලිස්ථානයෙ ගොඩනැගිලි මතට කඩා වැටි තිබුනී.
ආණමඩුව පොලිස්ථානය අසලම පිහිටි ආණමඩුව සහකාර පොලිස් අධීකාරි කාර්යාලයෙ ගොඩනැගිලි මතටද ගස් කඩා වැටිමේන් එයටද හානි සිදුව තිබුනි.
පොලිස්ථාන භුමියෙ තිබු ගස් මෙලෙස මහ සුළගින් ඉදිරි හා ඇඹරි ගොස් ඇද වැටිම නිසා පොලිස් නිළධාරී නිවාස ඒකකය, පොලිස්ථානාධිපතිවරයාගේ නිළ කාමරය,ඇතුළු ගොඩනැගිලි රැසකට මෙලෙස හානි සිදුව තිබු ආකාරය දැක ගත හැකි විය.
ගස් ඉදිරි කඩා වැටිමත් සමග විදුලි, දුරකථන රැහැන් පද්ධති මතට ගස් වැටිමේන් පොලිස්ථානයට විදුලිය,දුරකථන පහසුකම් සියල්ලම නැවති ගොස් තිබුනී.