සාක්ෂි මගින් අනාවරණය නොවූ කරුණු වැඩිදුර වාර්තාවක සටහන් කිරීමෙන් සිදුවූ අපහසුතාවයට ”සමාව ” දෙන්නැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියගෙන් ඊයේ ඉල්ලා සිටියේය.
සාක්ෂි මඟින් අනාවරණය නොවූ බරපතළ ප්‍රකාශයක් වැඩිදුර වාර්තාවේ සටහන් කළේ මන්ද? යනුවෙන් මහේස්ත්‍රාත්වරිය කළ ප්‍රශ්න කිරීම් වලදී රහස් පොලිසිය එලෙස සමාව අයද සිටියේය.
පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්හි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල්බද්දර පද්මෙ නමැත්තාගේ උපදෙස් මත විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට සැකකාර ආගමනය විගමන සහකාර පාලකවරයා කටයුතු කළේ යැයි වැඩිදුර වාර්තාවේ සටහන් වී ඇත්තේ ප්‍රමාද දෝෂයකින් බවත්, එමගින් සිදුවූ අපහසුතාවයට සමාව අයදින බවත් රහස් පොලිසිය ප්‍රකාශ කළේය.
සහකාර පාලකවරයා පාතාල කල්හි සාමාජිකයාගේ උපදෙස් පරිදි මෙම විදෙස් ගමන් බලපත්‍රයේ නිකුත් කළේද යන්න පිළිබඳව විමර්ශන කරන බවද වැඩිදුරටත් පැවසීය.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් නොකළ ජාතික හැඳුනුම්පත් අංක දෙකක් හිමි කෙසෙල්බද්දර පත්මේ නමැත්තාගේ කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය අලූත් කළේ යැයි කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා හා එම ගමන් බලපත්‍රය සැකසීම සඳහා ඡුායාරූප නිකුත් කළේ යැයි කියන ඡුායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනෙකුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මෙසේ සමාව ඇය ද සිටියේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයකු වන අනුර සම්පත් රූපසිංහ, ඡුායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන කේ. එම්. අසාත් සහ ඒ.එච්. විපුලසාර සිල්වා යන තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.