රටතුළ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රට පුරා විදුලි බිඳවැටීම් 29015ක් වාර්තා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශයකල ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (30) පැවසීය.
සමස්ත රටම ආවරණය වන පරිදි මෙම විදුලිය බිඳවැටීම වාර්තා වී ඇති බවත් විදුලිය බිඳවැටීමේ අවස්ථාවන් සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවත් විමලරත්න මහතා කීය.
මෙම විදුලි බිඳවැටීම්වලින් වැඩි ප්‍රමාණයක් යථාතත්වයට පත්කර ඇති බව කී විමලරත්න මහතා සීමිත කාර්ය මණ්ඩලය සහ සීමිත සම්පත් හේතුවෙන් ඇති වන අභියෝග නොතකා බිඳවැටීම් යථාතත්වයට පත්කිරීමට විදුලිබල මණ්ඩලයේ කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
අයහපත් කාලගුණයත් සමඟ කිසියම් ප්‍රදේශයක විදුලිය බිද වැටීම් තිබේ නම් 1987 කෙටි දුරකථන අංකය ඔස්සේ හෝ CEBCare හරහා දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවසීය.
විදුලිය සැපයුම බිඳවැටී ඇති ප්‍රදේශවල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට අමතර කණ්ඩායම් අනුයුක්ත කර ඇති බවද ධම්මික විමලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.