පොලිසියට ඔත්තු ලබා දුන් බවට සැකයෙන් පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී මන්නයකින් ගෙල කපා ඝාතනය කර අත්හැර දමන ලද අනාරක්ෂිත කිරිමැටි වලකට දමා පලා ගිය සිව් දෙනාගේ කල්ලියේ ප්‍රධාන සැකකරුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු දෙදෙනෙකු මාස 6 කට පසු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
එම සැකකරුවන් ඝාතනය සඳහා යොදාගත් මන්නා පිහියක් සහ පැහැරගෙන රැගෙන යාමට යොදාගත් ත්‍රී රෝදයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස ඝාතනය කර ඇත්තේ මොරන්තුඩුව දෙල්දූව වත්ත පදිංචිව සිටි පි . එරංජන් රණබාහු ගුණරත්න නැමැති (50) හැවිරිදි අවිවාහක කුලීකම්කරුවෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයාව පැහැරගෙන ගාමට යොදාගත් ත්‍රී රෝද රථය එය මිලදී ගත් වෙළඳ ආයතනය මගින් වස්කඩුව ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා තිබියදී භාරයට ගත් බව පොලිසිය කියයි
ඝාතනයට ලක් වූ පුද්ගලයා කිසිදු චෝදනාවට ලක් වූ පුද්ගලයකු නොවන අතර පොලිසියට ඔත්තු ලබා දුන් පුද්ගලයකුද නොවන බවත් උසස් පොලිස් නිලධාරියකුු පැවසීය