හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ ජයබිම ප්රදේශයේ හරහා ඊයේ (29) රාත්රී 11.45 ත් 11.55 ත් අතර කාලය තුළදී වැස්සත් සමඟ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 15 කට පමණ දැඩි ලෙස හානි වී ඇත.
එම ප්රදේශය හරහා හමා ගිය සුළඟින් නිවාස ගණනාවකම වහලවල් සුළඟට ගසා ගෙන ගොස් ඇති අතර ගස් ඉදිරි වැටීම නිසාවෙන් ද හානි රැසක් සිදුව ඇතැයි ප්රදේශයේ ජනතාව පවසති.
එමෙන්ම මොරගහහේන ඉහල මිල්ලෑව උතුර ප්රදේශයේ නිවසකට සුළගින් දැඩි ලෙස හානි සිදුව ඇති අතර නිවසේ වහලයෙන් කොටසක්ම සුළගට ගසා ගෙන තිබුණි.
තවද එම ප්රදේශයේ ගස් කඩා වැටීම නිසාවෙන් විදුලිය විසන්ධි වී ඇති බවද ජනතාව පවසති.