2015 ජනාධිපතිවරණය සමයේදී පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස මගින් ආනයනය කළ ක්‍රීඩා උපකරණ වෙනත් කටයුතු සඳහා යොදා ඉගෙනීමේ චෝදනාවන්ට වරදකරු කරනු ලැබූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක හා හිටපු සතොස සභාපති හා හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතල වැඩ සහති සිරදඬුවක් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල අද නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශට පත් කරමින් මෙම සිර දඬුවම් නියම කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න, අමාලි රණවීර මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර චූදිතයින්ට ලක්ෂ හතර සහ ලක්ෂ දෙක බැගින් දඩ ද නියම කළේය.
මහින්දානන්ද අලුගමගේ මහතාට ලක්ෂ දෙකක් නියම කළ අතර නලින් ප්‍රනාන්දු මහතාටලක්ෂ හතරක දඩ නියම විය.
නියෝගය ප්‍රකාශට පත් කරමින් විනිසුරු මඩුල්ල පවසා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව 2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ්. පුවරු 11,000ක් ඇතුළු ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක වංචාවක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම විසින් සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 6ක් යටතේ මෙම ගොනු කර තිබිණි .
අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙම නඩුව ගොනු ගොනුකොට තිබිණි.
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටි අතර මහින්දාන්නද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියේය.