ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන අධ්‍යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීමට මෙරට පැමිණි චීන ව්‍යාපාරිකයෝ සති දෙකක කාලයක් ලංකාවේ රැදී සිටීමට තීරණය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශ පවසයි.
එම ව්‍යවසායකයන් සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක්ද අමාත්‍යංශයේදී පැවැත්විණි.
ලංකාවේ වාහන එකලස් කිරීම, රබර්, රසායන ද්‍රව්‍ය, සංචාරක, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන ඇතුළු අනෙකුත් ක්ෂේත්රවල පවතින ආයෝජන අවස්ථා ගැන මෙහිදී චීන ව්‍යවසායකයන් දැනුවත් කර ඇති අතර ඊට අමතරව AI, Robotics සහ විදුලි භාණ්ඩ ඇතුළු වෙනත් කර්මාන්ත වල ආයෝජනය කළ හැකි බව චීන ව්‍යවසායකයන් දැනුම් දී තිබේ.
මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්ම මහත්මීහුද ලාංකීය ව්‍යාපාරිකයෝද සහභාගී වූහ.