ඩුබායි රටේ සැඟව සිටිමින් සිය ගෝල බාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින බව කියන දකුණේ ප්‍රබල අපරාදකරුවකු ලෙස සැලකෙන සුභනාහන්දි ජයලත්ද සිල්වා හෙවත් කරන්දෙණියේ සුද්දා අපරාධ සිදුකිරීමෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් හසලක,කොවිනාපොළ ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන එහි දෙමහල් නිවසක් ඉදිකර ඇති බව පරීක්ෂණවලින් පෙනී ගිය නිසා රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් එම දේපොළ පෙරේදා (27) සිට දින හතක කාලයක් සඳහා තහනම් කර ඒ හා සම්බන්ධයෙන් වැඩිදුර පුළුල් විමර්ශන පවත්වාගෙන යයි.
පර්චස් අසූවකින් සමන්විත මෙම ඉඩමේ දෙමහල් නිවාසයක් ඉදිකර ඇත්තේ කරන්දෙනියේ සුද්දා නැමැත්තාගේ බිරිඳගේ නමින්යැයි රහස් පොලිසිය සඳහන් කරයි.
මෙම දේපොළවල වටිනාකම එක් කෝටි 75 ලක්ෂයකට ආසන්න බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී ඇත.
මෙම දේපොළ දින හතක කාලයක් සඳහා තහනම් කර ඇත්තේ 2006 වසරේ අංක 5 දරන මුදල් විසුද්ධි කරණය වැළැක්වීමේ පනතේ 07(01) දරන වගන්තිය ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී සුජීව විජේසේන මහතාට පැවරී ඇති බලතල වලටඅනුව දින හතක කාලයක් මෙම දේපළ තහනම් කර වැඩිදුරටත් ඒ හා සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වාගෙන යයි.