ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 2800 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇතැයි එම ලුණු සමාගම පවසයි.
ආහාර සදහා ගෙන්වන ලද මෙම ලුණු තොගය පසුගිය 23 දා දිවයිනට ළගා වූ බවත් ඒවා මෙරට ලුණු අළෙවි නියෝජිතයින් හරහා වෙළෙඳපොළට නිකුත් කර පාරිභෝගිකයන්ට අළෙවි කිරීමට පියවර ගෙන ඇතැයිද ජාතික ලුණු සමාගම සදහන් කරයි.
ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10000 ක්ද පිටකොටුව ආනයනකරුවන් ඇතුළු ආනයනකරුවන් 100 කට වැඩි පිරිසක් තවත් ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයකට වඩා ආනයනය කරන බවද කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසයි.