ඇමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරිම සඳහා වන ව්‍යාපෘතියකට එස්.එම්.අයි පොයින්ට් සමාගම සහ ආයෝජන මණ්ඩලය පසුගියදා ගිවිසුම් අත්සන් කළේය.
මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය තට්ටු 34 කින් සමන්විත වන අතර එය සුඛෝපභෝගී මහල් නිවාස 102 කින් සමන්විතය. කොළඹ ඇල්ෆ්‍රඩ් හවුස් මාවතේ ඉදිවන මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය පොයින්ටේ ලෙස නම් කර ඇත. එක් මහල් නිවාසයක් වර්ග අඩි 2000 කින් සමන්විත වන අතර සෑම මහල් නිවාසයක්ම නිදන කාමර තුනකින් යුක්තය.
මහල් නිවාස සංකීර්ණයේ 33 වැනි මහල එක් අධි සුඛෝපභෝගී මහල් නිවාසයක් ලෙස නිර්මාණය වනු ඇති බවත් මෙම ව්‍යාපෘතියේ නිවාස මිලදී ගන්නන්ට අද්විතීය ජීවන අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් එම සමාගම පැවැසුවේය.