පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කළ බහාලූම් 323 හි තිබුනේ මොනවාදැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ රේගුවෙන් විමසීමක් කළත් ලැබුණේ යන්නේ කොහෙද? මල්ලෙ පොල් උත්තරයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඇසූ ප්‍රශ්න වලට උත්තර දෙනවා වෙනුවට ඔවුන් ජනවාරි 29 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක පිටපතක් සහ ” ඔබ ඉල්ලා ඇති තොරතුරු ඇතුලත් ලේඛන වර්තමානයේ ශ්‍රී ලංකා රේගුව සන්තකයේ නොමැති බව කාරුණිකව දන්වමි” යන සටහන පමණක් ඒවා තිබු බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ගම්මන්පිල මහතා මේ බව කීවේ කොළඹදී ඊයේ (27)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පරීක්ෂා නොකර පිටත් කළ බහාලුම් වලින් කීයක් රතු මාර්ගයේ යැවීමට නිර්දේශ කළාද? බහාලුම් කීයක් තැඹිලි මාර්ගයේ යැවීමට නිර්දේශ කළාද?යනුවෙන් තමා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට රේගුවේ ලිපි ලේඛන නැතැයි පැවසීම අස්වාභාවික තත්ත්වයක් බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.මේ අනුව රේගුව යම් දෙයක් සඟවන්නට හදන බව පැහැදිලි යැයිද ගම්මන්පිල මහතා සඳහන් කළේය.