ශ්‍රී ලංකා – පෝලන්ත සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් තෙදින නිල සංචාරයක් සඳහා පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා අද (28) මෙරටට පැමිණීයේය.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් ඔහුව පිළිගනු ලැබීය.
යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු ඇමති රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා, එළඹෙන 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.