දුම්රිය රියදුරන් 20 ක් පමණ සේවයට වාර්තා නොකිරීම පිළිබඳව විමර්ශණයක් පවත්වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
පසුගියදා මෙම රියදුරු පිරිස සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය කීපයක් අවලංගු කිරීමට සිදු වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
දුම්රිය ධාවනය සදහා රියදුරන් 430 ක් පමණ සිටිය යුතු නමුත් මේ වනවිට සිටින්නේ රියදුරන් 275 ක් පමණ බවත් පැවසූ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා දුම්රිය රියැදුරන් බදවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර ලබන ජූලි මාසයේදී බදවා ගැනීමේ තරඟ විභාගය පැවැත්වීමට සැළසුම් කර ඇති බවද පැවසීය.