කැකිරාව හා ඒ අවට ප්‍රදේශවල තරුණයන් ඉලක්ක කරගනිමින් අයිස්, හෙරොයින් හා මත්කරල් අලෙවි කිරිමේ ජාවාරමක නිරතවූ 60හැවිරිදි කාන්තාවක හා 18 හැවිරිදි තරුණයකු කැකිරාව මල්දෙනිපුර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවක ඇතුලු පිරිසක් මත්දුව්‍ය ජාවාරමක් සිදුකරන බවට කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සිදුකළ ක්ෂණික මෙහෙයුමකදි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.
කැකිරාව මල්දෙනිපුර ප්‍රදේශයේ නිවසක් වටලා එම නිවස තුළ දී අදාළ සැකකාරිය හා සැකකාර තරුණයා සමඟ අයිස් හා හෙරොයින් මත්කුඩු තොගයක් අලෙවිය සදහා සූදානම් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. වැටලීම කරද්දි සැකකාර කතගේ පුතා පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.