ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වෑන් රථයක් නිසි අවසරයකින් තොරව රැගෙන ගොස් පුද්ගලික පරිහරණය කළ බව කියන රියදුරකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් වෙසක් පොහෝ දින සැකකාර රියදුරු ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණ සුඛෝපභෝගී වෑන් රථය ලබාගෙන එහි ආරක්ෂාක නිලධාරියා වෙත ව්‍යාජ තොරතුරු ලබාදී රාජකාරී ගමනක් යන බව පවසා වෑන් රථය පිටතට රැගෙන ගොස් තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එලෙස රැගෙන ගොස් තිබූ වෑන් රථය දින දෙකකට පසු හොර රහසේම නැවතත් ගෙන විත් දමා තිබූ සැකකරු පිටව යාමෙන් අනතුරුව ඊයේ (26) දින සේවයට පැමිණ ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙය කිසියම් අපරාධයක් සඳහා යොදා ගත්තාද? එසේ නොමැති නම් සැකකරු මුදලට කුලී ගමන් සඳහා යොදා ගත්තාද ? යන්න සොයා පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමටමට නියමිතය
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ