චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ දෙදින සංවාදයකට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා චීනයට ගියේය.
“අසල්වැසි රටවල ක්‍රියාකාරී දේශපාලන පක්ෂ සමඟ බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම” යන තේමාව යටතේ බීජිං නුවරදී මෙම සංවාදය පැවැත්වේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රධානී ලියු ජියැන්චාඕ මහතා සහ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සුන් හයියන් මහත්මිය ද මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික චන්ද්‍රිකා අධිකාරි සහ ගම්පහ දිස්ත්‍රික් කමිටු ප්‍රධානී එච්.ජී. දිනූෂා මල්ෂානි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මිලින්ද රාජපක්ෂ මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.