කොටහේන බ්ලූ මැන්ඩල් රේල් පාර අසල වෙළඳ සැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ පැදිකරු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය කියයි.
එම සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මෙන්ම සුඛෝ භෝගී මෝටර් රියක් සහ ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
එම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූවේ කොළඹ 13 බ්ලූ මැන්ඩල් පාර සිරි සඳ සෙවන මහල් නිවාසපදිංචි එම් නිලාම් නසීර් අවුරුදු 41 නැමැත්තෙකි. වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හා පැළඳ පැමිණි ආරක්ෂක හිස් වැසුම් දෙක කොටහේන මැටි පාක් ප්‍රදේශයේ තිබී එදිනම පොලිස් භාරයට ගැනිණි
තුවාල ලද පුද්ගලයා බ්ලූ මැන්ඩල් රේල් පාර ආසන්නයේ ශ්‍රී බෝධිමළු විහාරය අසල පළතුරු සහ පරවියන් වලින් අලෙවි කරන වෙළඳසැලක් පවත්වාගෙන යන අතර එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔහු ඉලක්ක කර එම වෙඩි තැබීම ඉකුත් 18 වෙනි දින සිදු කරතිබිණි.