රන් ආලේපිය ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කතුන් දෙදෙනා ලබන 23 දක්වා රඳවා ප්රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්රාත් ඒ.ඩී.චතුරිකා සිල්වා මහත්මිය අද පොලිසියට අවසර දුන්නාය.
මෙලෙස රඳවා තබා ගෙන ප්රශ්න කිරීමට නියම වූයේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ එලිබෑන්ක් ටවර් වැල්ලවත්ත ලිපිනයේ පදිංචි වයස අවු 69 ක් පමණ වන විසාකා අයිරාංගනී කුමාරී වීරකෝන් හා ඇයගේ ලේලිය වන කසකස්ථාන ජාතික කාන්තාවක් වන ඇගිලිගුල්යා වීරකෝන් නැමැති කාන්තාවන් දෙදෙනාය.
වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් හට වයෝවෘද්ධ කාන්තාවකගේ බෑගයක ටී 56 ගිනි අවියක් තිබී හමු වූ බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුක් මත පරික්ෂා කිරීමේ දී රත්තරන් පැහැති සහ නිකල් පැහැති T 56 වර්ගයේ ගිණි අවිය සොයා ගත් බව අධිකරණයේ දී කියැවිණි.