ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයා වෙඩි ඝාතනය ලක්ෂ 10 කොන්ත්‍රාත්තුවක් මත සිදු වූ බවක් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ 19 හැවිරිදි තරුණයා වෙඩික්කරුවන්ගෙන් බේරීම සදහා මාර්ගය දිගේ දිව ගොස් වෙරළ පාර ප්‍රදේශයේදී ෙදිවයාමට නොහැකිව නතර වූ අවස්ථාවේ වෙඩික්කරුවකු ඔහු අසලට පැමිණ වෙඩි තබා යතුරුපැදියෙන් පලා යන අයුරු ද සී.සී.ටී.වී දර්ශනවල සටහන්වී තිබුණි.
ඒ අනුව පොලිසිය දිගටම විමර්ශන සිදුකර තිබූ අතර එම ඝාතනයට ලක්වූ තරුණායගේ මව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බවත් ඒ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම තරුණයාට වෙඩි තබන්නට ඇති බවට පොලිසිය සැක පළකරයි.