පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගෙන් සියයට හතළිහකගේ නම් ඒ ඒ දේශපාලන පක්ෂ මෙතෙක් බාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන ආයතන වල නිල කාලය ආරම්භ වීමට පෙර සභිකයන් සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු හෙයින් අපේක්ෂකයන්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සියලු දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි