ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ මහ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් පහේ නායකයන් සමග අද (19)පස්වරු 4.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම් පහකින් සභිකයෝ 9 දෙනෙක් තේරී පත්වූහ.
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සහාය ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.