විපක්ෂයට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ප්රජාතන්ත්රවාදී ක්‍රමය තුළ උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, ජනතා ගැටලු සොයා බැලීමේ ගමින් ගමට, නගරයෙන් නගරයට වැඩසටහන යටතේ කොළඹ මල්ලිකාරාම නිවාස සංකීර්ණයේ පැවති හමුවකදීයි.
එහිදී එම නිවාස සංකීර්ණයේ ජනතාවගේ ගැටලු පිළිබදවද විපක්ෂ නායකවරයාගේ අවධානයට ලක් වුණා.