ඉදිරි දින තුනේදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හා අරාබි මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් ඒ පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.
අදාළ මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි අතර, ඉතා රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.