නවකවදය නමින් කවදා හෝ දවසක ඔබේ දරුවන්ටත් මෙවැනි අමානුෂික වද දුන්නොත් ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකි දැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ සිසුන් පස් දෙනෙකුගෙන් විවෘත අධිකරණයේදී ඊයේ ප්‍රශ්න කළේය.
රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ විනය බාර කථිකාචාර්යවරයාට අයුතු බලපෑම් කිරිම,සාපරාධි බලහත්කාරය පෑම,අයුතු අවහිර කිරිම ,අයුතු ජන රාශියක සාමාජිකයින් විම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලද එම පිඨයේ සිසුන් පස් දෙනකුට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථවේදී මහේස්ත්‍රාත්වරයා එසේ ප්‍රශ්න කර සිටියේය.ෙ
නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකාර සිසුහු විවෘත අධිකරණයේදි පැමිණිලිකාර කථිකාචාර්වරයාට වැඳ සමාව ගෙන නඩුව සමථයට පත් කරගත්හ.
මෙහිදි මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී විත්තිකාර සිසුන්ට දැඩිලෙස අවවාද කරමින් මෙසේ විමසා සිටියේය. නවක වදය දිමෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද . ඔබේ දරුවන්ට මෙවැනි අමානුෂික වද දෙනවිට ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකිය ද?. නවක වදය සිමාව ඉක්මවා සිදු කිරිම බලවත් වරදක් බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා නවක වදය දෙන්නේ නම් ඒවාට ඇතුලත් විය යුත්තේ අමානුෂික වද නොව විනෝදාත්මක වැඩ සටහන් බවද මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් කියා සිටියේය.