කොටහේන, සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ නිවසකට පැමිණි නාදුනන වෙඩික්කරුවෙකු විසින් ඊයේ (16) සවස කළ වෙඩි තැබීමකින් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කොටහේන පොලිසිය පවසයි.
තුවාල ලැබූ පිරිමි පුද්ගලයා පූකුඩි කන්නා නැමති මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කරුගේ සමීප තමයකු බව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
තුවාල ලැබූ කාන්තාව එම පුද්ගලයාගේ ලොකු අම්මා බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පලකරයි.
වෙඩික්කරු සුමිත්තාරාම පාර ප්‍රදේශයේ නිවසට යතුරු පැදිය මගනවතා පයින් පැමිණ වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය දැනට කළ විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියන ආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති