පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්රමවේදයක් ක්රියාත්මක කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ.
සහනදායී රක්ෂණ වාරික මුදලක් අය කර ගනිමින් අදාල රක්ෂණය සැලසුම් කිරීමට තීරණය කර ඇත.
පතල් කර්මාන්තය යනු ඉතා අවදානම් රැකියාවක් වන බැවින් මෙම තීරණයට එළැඹි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.
එම රැකියාවේ පවතින අනාරක්ෂිත භාවය නිසාම පතල් රැකියාවේ නිරතවන තරුණ පිරිස් ක්රමයෙන් අඩු වෙමින් පවතින බවද ගොවිජන ලක්ෂණ මණ්ඩලය කියයි.