මාර්ග අනතුරු අවම කිරීමට තවත් දැඩි නීති ගෙන එන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මාර්ග අනතුරු අවම කිරීමට ශක්තිමත් නීති ඇති බව පැවසු අමාත්‍යවරයා නීති ක්රියාවේ නොයෙදෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද සොයා බලා සුදුසු පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
කොත්මලේ බස් අනතුරු සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලැබෙන බව ආනන්ද විජේපාල මහතා පැවසීය.
එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එවැනි අනතුරු වැළැක්වීමට ගතයුතු ක්‍රියා මාර්ග තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.