ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතාට දැනුම් දුන්නේය.
කැනඩා මහ කොමසාරිස්වරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දී අද සිදුවිය.
ශ්‍රී ලංකාවට එල්ල කරන පදනම් විරහිත ජන සංහාර චෝදනා ප්‍රතික්ෂේප කරන බවද විජිත හේරත් මහතා මෙහිදී කීය.