පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relationship and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයක් පරිදි විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම නිලධාරියා එක්තරා අවස්ථාවක විදේශයක ව්‍යවස්ථාදායක කටයුත්තකට උපදෙස් ලබාදීම සඳහා දින නවයක සංචාරයකට සහභාගි වී ඇති බවටත් එම කටයුත්තට ලක්ෂ තිහකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණයවී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම විදේශ සංචාරක රැසකට හිතුමතේ සහභාගිවී ඇති බවටද ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.