නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 – 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
වෙසක් සිරි නැරඹීමට යමින් සිටි මහජනයාට පීඩාවක් වන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන වලටද පීඩාවක් ඇතිවන අයුරින් අධික ලෙස ශබ්ද නගනිමින් යතුරුපැදි ධාවනය කරමින් සිටියදී මෙම තරුණයන් බණ්ඩාරගම නගරය සහ අවට ප්රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
අධිබල යතුරුපැදි හතරේ ලියාපදිංචි අංක තහඩු පරික්ෂා කිරීමේදී ඒවා සැකකටයුතු ඒවා බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.