කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශවලටත් උපදෙස් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ යාම රජයේ දැඩි අවධානයට යොමුව තිබෙන අතර එම අනතුරු වළක්වා ගැනීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා මේ බව කීවේ නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් මියගිය ජනතාවගේ පවුල් වෙත සංවේගය පළ කිරීමේ ප්‍රකාශයක් කරමිනි.
අනතුරු සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කර ගැනීමට පවතින නීති ක්‍රියාත්මක කිරීමෙන් මෙන්ම රියැදුරන්ගේ ආකල්ප දියුණු කිරීම මගින්ද හැකියාව ලැබෙන බව විශ්වාස කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මේ වන විටත් වැඩසටහනක් සැලසුම් කර තිබෙන බව කීය.