කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි දීමනාව කපාහැරීමට වරාය අධිකාරියේ පරිපාලනය කටයුතු කිරීම නිසා එහි සේවකයෝ පෙරේදා රාත්‍රී පැය 4 කට ආසන්න කාලයක් වැඩ වර්ජනයකට නිරත වූහ.
එම පර්යන්තවල සේවකයෝ ඊයේ රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වර්ජනයේ නිරත වූ බවත් ඒ හේතුවෙන් අවම වශයෙන් වරාය අධිකාරියට රුපියල් කෝටි 30 ක පමණ අලාභයක් සිදුවන්නට ඇති බවත් වරාය අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය.
වරාය අධිකාරී පරිපාලනය එම සේවකයන්ගේ නිවාඩු දින අතිකාල දීමනාව පැවති ක්‍රමයටම ලබාදෙන බවට නැවතත් ලිපියක් නිකුත් කිරීමෙන් පසු ඊයේ (10) අලුයම 12.30 ට පමණ සේවකයන් වැඩ වර්ජනය අතහැර දැමූ බවද එම නිලධාරියා කීය.
සේවකයන් මෙම වැඩවර්ධනය ආරම්භ කරන විට එම පර්යන්ත දෙකේ භාණ්ඩ නෞකා 6 ක් නැංගුරන් ලා තිබූ බවත් වර්ජනය හේතුවෙන් එම නෞකා හයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටි බවත් එම නිලධාරියා කීය.