ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබූ විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගේ ගිනි අවියද්ද පොලිස් භාරයට ගෙන ඇත. ගල්කිස්ස පන්සල පාරේ පදිංචි සැකකාර පුද්ගලයා අසල්වාසී පුද්ගලයකු සමඟ ඇති කරගත් පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර බියගන්වා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි පුද්ගලයෙකි.