මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත්, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වු 2025 වර්ෂයේ මැයි මස 10 සිට 16 දින දක්වා වෙසක් සතිය වශයෙන් අමප/25/0659/822/015 හා 2025.04.28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව 2025.04.29 දිනැති ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 4/2025 වශයෙන් අදාල චක්‍රලේඛය නිකුත් කර ඇත.