ජාතික ජන බලවේගයේ කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් හිස් වූ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
වේත්‍රධාරීවරයා විසින් නවක මන්ත්‍රීවරයා කථානායකවරයා අසලට කැඳවාගෙන එනු ලැබීය.
දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උණුසුම් සුබ පැතුම් මධ්‍යයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක අසුන් ගත්තේය.