ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන ඔවුන්ට වැටුප් හා දීමනා ගෙවීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික පාඩු කළැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (07) නියම කළාය.
සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට ඉදිරිපත් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියම කළාය.
සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඊයේ (07) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කළහ.