මේ වසරේ ගෙවීගිය කාලය තුළදී වෙඩිතබා ගැනීමේ සිදුවීම් 42 ක් වාර්තා වී තිබෙන බවත්, මීට අදාළව සැකකරුවන් 94ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම වෙඩිතබා ගැනීමේ සිදුවීම සඳහා භාවිත කළ ටී පනස්හය ගිනිඅවි තුනක් හා පිස්තෝල ගිනිඅවි 03ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
මේ වසරේ ගෙවීගිය මාස හතරක කාලය තුළදී සිදු කළ මෙහෙයුම්වලදී ටී පනස්හය ගිනි අවි 11ක් ඇතුළුව ස්වයංක්‍රීය ගිනිඅවි තිස්නවයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පැවසීය.
වාර්තා වන අපරාධ විසඳීම හා අපරාධ වැළැක්වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය.
මේ වසරේ ගෙවීගිය කාලය තුළ වාර්තා වන වෙඩිතබා ගැනීමේ සිදුවීම් 42න් 28ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අදාළ වෙඩිතබා ගැනීම් බවද පැවසීය.