සිරි දළදා වන්දනාවට පැමිණි බැතිමතුන් විසින් දමා ගිය ටොන් 600කට අධික මිශ්ර කසල තොගය සම්බන්ධයෙන් ගත යුතු ක්රියාමාර්ග ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහනුවර මහනගර සභාවේ ජල කර්මාන්ත ඉංජිනේරු සහගැන අපද්රව් යඒකකයේ ප්රධානි නාමල් ධම්මික දිසානායක මහතා කියයි.
එම කසල තොගය මේ වන විට ගුහාගොඩ ගම්මානයේ දරු දැරියන් ක්රීඩා කිරීම සඳහා යොදාගත්ක්රීඩාංගනයේ ගොඩ ගසා ඇති අතර එම ක්රීඩාංගණ භූමියද දීර්ඝ කාලයක්අසල පිරවීමෙන් පසුගොඩ වූ ඉඩමක නගර සභාව විසින් විශාල මුදලක් වැය කොට ඉදි කරන ලද්දකි.
එම මිශ්ර කසල තොගය කොළඹට රැගෙන ගොස් දහනය කිරීමට මීට පෙර තීරණය කොට තිබුණද එය වියදම් අධික කටයුත්තක් බැවින්සිදු නොවනු ඇති බව ඉංජිනේරු නාමල් දිසානායක මහතා පැවසීය.
එම මිශ්ර කසල නගර සභාවේ සේවකයන් යොදවා වෙන් කිරීමද සහගත වී එහි ඇත්තේ නගර සභාවේ සේවක හිඟය බව පැවසූ දිසානායක මහතා ඉදිරි සතිය තුළදී නගර සභාව පිහිටුවීමෙන් පසු ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවද පැවසීය.