චිකන්ගුන්යා පාලනයකින් තොරව වසංගත තත්වයකින් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
මෙම රෝගය නිවැරදිව හඳුනා ගැනීම සඳහා PCR (Polymerase Chain Reaction), IgM/IgG ප්‍රතිදේහ පරීක්ෂණ වැනි නවීන විද්‍යාත්මක ක්‍රමවේද පවතින බවද එම සංගමයේ සභාපති රවිකුමුදේශ් මහතා සඳහන් කළේය. මෙරට රෝහල් පද්ධතියට මෙම පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රීයක කට්ටල තවමත් ලබාදී නොමැති බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ PCR පරීක්ෂණ පහසුකම තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
චිකන් ගුන්යා යනු මදුරුවන් මගින් බෝවන රෝගයක් බවත් එවැනි රෝගයක් පාලනය කිරීම සඳහා ආසාදිත මදුරු ගහන හඳුනා ගැනීම සහ ඒවා විනාශ කිරීම හා පාලනය කිරීමද අත්‍යවශ්‍ය බවත් රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.
අසාදිත මදුරු ගහන හඳුනා ගත හැකි වන්නේ රෝගීන් නිශ්චිතව හඳුනා ගැනීමෙන් පමණක් බවත් දැනට චිකන්ගුන්යා හඳුනා ගැනීම සඳහා කිසිදු රෝහලකට පරීක්ෂණ කට්ටල ලබා දී නොමැති බවත් ඒ හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ රෝග ලක්ෂණ පදනම්කරගෙන බවත් හෙතෙම පවසා සිටියේය.
එවැනි තත්වයක් යටතේ නිශ්චිත වශයෙන් චිකන්ගුන්යා රෝගීන් ලෙස තහවුරු කිරීමක් සිදු නොවන බැවින් අදාළ මදුරු ගහන හඳුනා ගැනීම සහ පාලනය කිරීමක් සිදු කළ නොහැකි බවද ඔහු කියා සිටියේය.
මෙය උණ, සන්ධි වේදනාව, ශරීර කම්පනය, හිසරදය වැනි රෝග ලක්ෂණ මගින් ඉදිරිපත් වන අතර, බොහෝ අවස්ථාවලදී ඩෙංගු වැනි අනෙකුත් වෛරස් රෝගයන්ට සමාන බරපතළ සංකීර්ණතා ඇති කරන බව වෛද්‍ය වාර්තාවලින් පෙන්වන බවද හෙතෙම සඳහන් කළේය.
චිකන්ගුන්යා සුව වීමෙන් පසු සන්ධි වේදනාව, අතපාද ඉදිමීම, ක්රියාවිහිදීමේ අපහසුතාවයන් වැනි දීර්ඝ කාලීන ආතුරු තත්ව ඇති විය හැකිය. මෙය සෘජුවම රටේ නිෂ්පාදන හැකියාව, ශ්‍රම බලකාය, සහ සමාජ සම්පත් ක්‍රියාත්මක වීම මත බරපතල බලපෑම් ඇති කල හැකි බවද කියා සිටියේය
මෙම තත්ත්වය පාලනය කර ගැනිම සදහ යෝජිත විසඳුම් ලෙස රෝග හඳුනාගැනීම් සඳහා පරීක්ෂණ කට්ටල සැපයීම. දත්ත එකතු කිරීම හා විශ්ලේෂණය රෝග ව්‍යාප්තිය පිළිබඳ පරීක්ෂණමය දත්ත රැස් කරමින් ප්‍රදේශ අනුව ව්‍යාප්තිය තීරණය කළ යුතු. බවත් මදුරු පාලන වැඩසටහන් සක්‍රිය කිරීම:
ආසාදිත ප්‍රදේශ සීමා කර මදුරු විනාශන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුය බවද සදහන් කලේය