මෙම සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) දවස් දෙකක් රැස් වීමට නියමිතව තිබේ.
ඒ අනුව පළමු රැස්වීම ලබන 08 වැනිදා පැවැත්වෙන අතර, එදින කෝප් කමිටුව හමුවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කැඳවීමට නියමිතව ඇත.
එමෙන්ම කෝප් කමිටුව ලබන 09 වැනිදාද රැස්වන අතර, එදින කමිටුව හමුවට සීමාසහිත ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම කැඳවීමට නියමිතව තිබේ.
මීට අමතරව ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ලබන 08 වැනිදා රැස්වීමට නියමිතව ඇත. එමෙන්ම 09 වැනිදා ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවද රැස්වීමට නියමිතව තිබේ.