අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
එම විමර්ශනවලින් අනතුරුව දේශබන්දු තෙන්නකොන් මහතාට ඇත්තේ කුමන ආකාරයේ ජීවිත තර්ජන ද?, එම තර්ජනවල ස්වාභාවය අනුව දේශබන්දු තෙන්නකොන් මහතාට ආරක්ෂාව ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කරන බවත් මනතුංග මහතා පැවැසීය.
දැනට විදේශ රටක සැගවී සිටින පාතාල නායකයකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීමේ සූදානමක් ඇති බවට අතුරුගිරිය සහකාර පොලිස් අධිකාරීවරයා සහ අතුරුගිරිය පොලිස් ස්ථනාධිපතිවරයා ඉකුත් දා දේශබන්දු තෙන්නකොන් මහතාගේ නිවෙසට ගොස් ඒ බව දන්වා තිබුණි.
දේශබන්දු තෙන්නකොන් මහතා සක්‍රීය සේවයේ සිටින වකවානුවේ පාතාල මර්දනයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව විවිධ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරිමට කටයුතු කිරිමත් පාතාලය මැඩීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙසේ තර්ජනය එල්ලවී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව දැනට බන්ධනාගාරගතව සිටින සැකකරුවන් දෙදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දා ප්‍රකාශ සටහන් කරගත්තේය.