ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කාර්යාලයේ (නවදිල්ලි) වැඩසටහන් අධ්යක්ෂ වෛද්‍ය තාමරන්ග්සි තක්සෆොන් (Dr. Thamarangsi Thaksaphon) සහ පරිපාලන අධ්යක්ෂ රොබෙට් චෙල්මින්ස්කි (Mr Robet Chelminski) යන මහත්වරුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.
දකුණු ආසියානු කලාපීය එක් එක් රටවල් වල වාර්ෂිකව පවත්වනු ලබන මෙම දකුණු ආසියානු කලාපීය සමුළුව මෙම වර්ෂයේ අගභාගයේ මෙරට දී පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීමට එකඟතාවය පළ වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය, නේපාලය, භූතානය, තායිලන්තය, උතුරු කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ටිමෝර්ලෙස්ටේ, ඇෆ්ගනිස්ථානය යන රටවල් නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන් ම සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ විද්වතුන් මෙම සමුළුව සදහා සහභාගි වීමට නියමිත ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරනු ලබන රටවල් ප්‍රමාණය 194 වන අතර කලාපීය ව්‍යාප්තිය අනූව එම රටවල් කාණ්ඩ ගත කර ඇත.