නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.
විශේෂ මාධ්‍ය හමුවක් අද (24) පෙරවරුවේ කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මේ වන විට සිරි දළදා වන්දනාවට බැතිමතුන් ලක්ෂ තුනකටත් අධික ප්‍රමාණයක් එක්ව සිටින බැවින් මින් ඉදිරියට බැතිමතුන්ට පෝලිම්වලට එකතු වීමට ඉඩ නොදෙනන බවයි.
දැනට පෝලිම්වල රැඳී සිටින බැතිමතුන්ට ඒ සඳහා විශේෂිත වූ ස්ටිකරයක් ලබා දෙනබවත් එම ස්ටිකරය නොමැති කිසිදු බැතිමතෙකුට පෝලිම්වල රැඳී සිටීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය දැනුවත් කොට ඇති බවද පැවසීය.